දේශීය

ඉන්ධන බදු ඉවත් කරන්නැයි බලශක්ති ඇමති මුදල් ඇමතිගෙන් ඉල්ලයි

(UTV | කොළඹ) – ආනයනික ඉන්ධන මත පණවා ඇති බදු ඉවත් කර දෙන මෙන් මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

දිගින් දිගටම ලබන පාඩුව හමුවේ සංස්ථාවේ වැඩකටයුතු පවත්වාගෙන අපහසුවීම හමුවේ මෙම ඉල්ලීම සිදුකල බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඉන්ධන පිළිබද රටේ පවතින තත්වය පැහැදිලි කිරීම සදහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා මේ බව අවාධාරණය කලා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිළ වැඩි කරන ලෙස දෛනිකව තමන්ගෙන් ඉල්ලීම් සිදුකරන බවත් එම ඉල්ලීම් සියල්ල මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් උදය ගම්මන්පිළ මහතා එහිදී කියා සිටියා.

Related posts

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ ශේෂය මිලියන 655 ක්

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment