දේශීය

මාස තුනක විදුලිය කැපීම ගැන තීරණය අද

(UTV | කොළඹ) – පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස 3 සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අතරයි.

ඒ අනුව විදුලි කප්පාදුවකට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳව මෙහිදී තීරණය කරනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මහජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කල යුතු බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අවධාරණය කළේ.

Related posts

මහින්ද දේශප්‍රිය සහ යුද හමුදාපති අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා 425ක් ප්‍රතික්ෂේපයි

Editor O

මහනුවර උඩුදුම්බර නායයෑමක් ; නිවාස කිහිපයකට දැඩි හානි

Editor O

Leave a Comment