දේශීය

මාස තුනක විදුලිය කැපීම ගැන තීරණය අද

(UTV | කොළඹ) – පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස 3 සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අතරයි.

ඒ අනුව විදුලි කප්පාදුවකට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳව මෙහිදී තීරණය කරනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මහජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කල යුතු බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අවධාරණය කළේ.

Related posts

ආණ්ඩුව තවත් ණයක් ගනී

Editor O

තවත් ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

චන්ද්‍රිකා තාක්ෂණයෙන් පුළුල් පරාස අන්තර්ජාල සේවා සැපයීමට ස්ටාලින්ක් සමාගමට අනුමතිය

Editor O

Leave a Comment