දේශීය

ප්‍රමාණවත් පරිදි තෙල් ලැබුණහොත් විදුලි කප්පාදුවක් නැහැ

(UTV | කොළඹ) – ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩීසල් ලැබුණහොත් දිවයිනේ කිසිදු ප්‍රදේශයකට අද (02) විදුලි කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා මහජන උපයෝගිීතා කොමිසම, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

ඒ අනුව බොහෝ දුරට අද දිනයේදී අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු විශ්වාසය පළ කළා.

කෙසේ වෙතත් රටපුරා ප්‍රදේශ ගණනාවකට ඊයේ දහවල් සහ රාත්‍රී කාලයේ වරින් වර විදුලිය විසන්ධි කරනු ලැබුවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට මෙතෙක් අවසර ලබා නොදෙන බවයි.

එවන් පසුබිමකයි පෙර නොදන්වා මෙලෙස විදුලිය විසන්ධි කර තිබුණේ.

කෙසේ වෙතත් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම මහජන උපයෝගීතා කොමිසම මගින් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

Related posts

ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනපති අතට

Mohamed Dilsad

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment