දේශීය

උසස් පෙළ ටියුෂන් අද මධ්‍යම රාත්‍රී 12 න් පසු තහනම්

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රවර්ධන කටයුතු අද මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් වනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කලේ අද මධ්‍යම රාත්‍රියෙන් පසු උපකාරක පංති, සම්මන්ත්‍රණ – ආගමික වැඩසටහන් හෝ උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සිදුකිරීම තහනම් වන බවයි.

එවැනි කටයුතු සිදුකරන්නන්ට එරෙහිව විභාග පනත යටතේ දඩුවම් පමුණුවන බවද විභාග කොමසාරිස්වරයා කියා සිටියා.

උසස් පෙළ විභාගය ලබන සඳුදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Related posts

අගරදගුරුතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

Mohamed Dilsad

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment