විදෙස්

ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානකයි

(UTV |  ජෙනීවා) – මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

එහි නිලධාරීන් පවසා ඇත්තේ, එය මාරාන්තික ප්‍රභේදයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බවයි.

නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන් කර් කෝවි පවසයි.

එය දරුණු ප්‍රභේදයක් විය හැකි බවත්, මෘදු රෝග ලක්‍ෂණ සහිත ප්‍රභේදයක් ලෙස පිළිගැනීම වැරදි අදහසක් වනු ඇති බව ඇය සඳහන් කරයි

Related posts

කිම් ජොං අන් තවදුරටත් සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

Editor O

තෙල් පැල්ලම හේතුවෙන් ජපාන නෞකා සමාගමකින් මොරිෂස් දිවයිනට ඩොලර් මිලියන 9.4 ක්

Mohamed Dilsad

Leave a Comment