විදෙස්

ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානකයි

(UTV |  ජෙනීවා) – මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

එහි නිලධාරීන් පවසා ඇත්තේ, එය මාරාන්තික ප්‍රභේදයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බවයි.

නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන් කර් කෝවි පවසයි.

එය දරුණු ප්‍රභේදයක් විය හැකි බවත්, මෘදු රෝග ලක්‍ෂණ සහිත ප්‍රභේදයක් ලෙස පිළිගැනීම වැරදි අදහසක් වනු ඇති බව ඇය සඳහන් කරයි

Related posts

ඇරිසෝනාවට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

කොවිඩ් රෝගීන් මියයෑම හේතුවෙන් ජෝර්දාන සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සුඩානයේ සෙරමික් කම්හලක පිපිරීමකින් පුද්ගලයින් 23 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment