විදෙස්

සුඩානයේ සෙරමික් කම්හලක පිපිරීමකින් පුද්ගලයින් 23 ක් මරුට

(UTV | කොළඹ) – සුඩානයේ කාර්ටූම් අගනුවර සෙරමික් කම්හලක ගෑස් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් තවත් 130කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම පිපිරීමත් සමඟ විශාල ගින්නක්ද හටගෙන ඇති අතර තුවාල ලැබූවන් රෝහල්ගත කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන් තුවාල ලැබූවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි

අනතුරින් මියගිය පිරිස අතර විදේශිකයන්ද සිටින අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ආසියාතිකයන් බවට ද වාර්තා වෙයි.

පිපිරීමෙන් අදාළ කම්හල මුලුමනින්ම පාහේ විනාශයට පත්ව තිබෙන බවත් සිදුවීමට හේතු සොයා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් එඅරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

Mohamed Dilsad

ඇමරිකාවේ ප්‍රාන්ත කීපයකට දරුණු ටොනේඩෝවක්

Mohamed Dilsad

Leave a Comment