විදෙස්

ඇමරිකාවේ ප්‍රාන්ත කීපයකට දරුණු ටොනේඩෝවක්

(UTV |ඇමරිකාව) –  ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්තවලට බලපෑ ප්‍රචන්ඩ ටොනේඩෝ සුළි සුළං හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාස්කු ඉරිදා දිනයේ ඇති වූ මෙම ටොනේඩෝ සුළි සුළං 2014 වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඇමරිකාවට බලපෑ දරුණුතම ටොනේඩෝ සුළි සුළං ප්‍රවාහය ලෙස ද වාර්තා වෙයි.

මෙම ටොනේඩෝ සුළි සුළං හේතුවෙන් ලුවිසියානා, ටෙක්සාස්, මිසිසිපි, ඇලබාමා, ජෝජියා සහ කැරොලයිනා ප්‍රාන්තවලට විශාල හානියක් සිදුව තිබෙන අතර , ඒවායේ නිවාස දහස් ගණනක් කැඩී බිදී ගොස් ප්‍රදේශ රැසක විදුලිය ද ඇණ හිට තිබේ.

 

Related posts

සඳ මත ජලය සෙවීමට සැලැස්මක්

Mohamed Dilsad

නව මහලේකම් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

හයිෂෙන් සුළි කුණාටුව නිසා ජපානයේ දහස් ගණන් ජනයා ඉවතට

Mohamed Dilsad

Leave a Comment