දේශීය

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – දිවයින පුරා මේ වනවිට හටගෙන ඇති විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස විදුලිය පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම් නලින් හේවාපටබැඳිගේ ඉල්ලීමක් සිදු කරනවා.

විදුලි ජනන යන්ත්‍ර ඇති පිරිස් ඒවා භාවිත කර විදුලිය ලබා ගැනීමට පෙළෙඹෙන ලෙස පවසන ලේකම්වරයා කියා සිටින්නේ, විදුලිය අධික ලෙස පරිභෝජනය කරන අවස්ථාවේ දී ඒවා සැලකිලිමත් ලෙස භාවිත කරන ලෙසයි.

ලංකා විදුලිබල මණ්ඩලය පැය 24 පුරාම ජනතාවට විදුලිය සැපයීමට බැඳී ඇති අතර, එහෙත් රටේ පැන නැග ඇති මෙම අර්බුදකාරී වාතාවරණය තුළ කඩිනමින් ඊට විසඳුම් ලබාගත නොහැකි බවයි ඔහු පැවසුවේ.

Related posts

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

Mohamed Dilsad

අද දින සමස්ත ආසාදිතයින් 268 ක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment