දේශීය

විදුහල්පති සමිති සන්ධානය හෙට ලෙඩ නිවාඩු

(UTV | කොළඹ) – විදුහල්පති සංගම් 08 ක් ඇතුළත් විදුහල්පති සමිති සන්ධානය හෙට ලෙඩ නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

වැටුප් සංශෝධන චක්‍රලේඛය මගින් විදුහල්පති ශ්‍රේණිධාරින්ට මූල්‍ය අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට නිසි විසදුමක් නොලැබීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි විදුහල්පති සමිති සන්ධානය දැනුම් දෙන්නේ.

සංශෝධන චක්‍රලේඛය නිකුත් වීමෙන් අනතුරුව මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කළද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොවු බවද ඔවුන් පෙන්වා දෙනවා.

එම නිසා හෙට දිනයේදී නිසි විසදුමක් නොලැබුණහොත් පෙබරවාරි 03 වනදා උද්ඝෝෂණයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බවයි නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

Related posts

උපාධිධාරී රැකියා ලබාදීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල සභාපති සහ උප සභාපති නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරයි

Editor O

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment