දේශීය

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 11 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයෙන් අනතුරුව පවත්වන පළමු කණ්ඩායම් රැස්වීම මෙය වන බැවින් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කියා සිටියේ.

මෙම රැස්වීම සදහා විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානයක්කාර ඇමතිවරුන් ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

Related posts

තවත් ආසාදිතයන් රැසක් තහවුරු කර ගැනේ

Mohamed Dilsad

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

පාසල් පැවැත්වෙන දිනවල වාහන ධාවනය පිළිබඳ විශේෂ තීරණයක්

Editor O

Leave a Comment