දේශීය

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 11 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයෙන් අනතුරුව පවත්වන පළමු කණ්ඩායම් රැස්වීම මෙය වන බැවින් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කියා සිටියේ.

මෙම රැස්වීම සදහා විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානයක්කාර ඇමතිවරුන් ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

Related posts

ලෝකයේ මිල අධිකම සුඛෝපභෝගී වාහනයක් ඩඩ්ලි සිරිසේන මිලට ගනී. | ලෝකයටම වාහන 25යි

Editor O

මැත්පන් වර්ග අනුව ගණන් යන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ලංකාවේ ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment