දේශීය

මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් දිවයිනට

(UTV | කොළඹ) – මාලදිවයිනේ 19 වැනි කතානායකවරයා වන මොහොමඩ් නෂීඩ් සිව් දින නිල සංචාරයක් සදහා අද දහවල් මෙරටට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පැමිණ සිටි බවයි වාර්තාවේ.

අද දහවල් 12.47ට ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 504 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණා.

මාලදිවයිනේ කතානායකවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

Related posts

බන්ධනාගාර රැඳවියන් 2961ක් ඇප මත මුදා හැරෙයි

Mohamed Dilsad

අද සිට ක්‍රියාත්මක ඉන්ධන ටෝකන් එක මෙන්න

Mohamed Dilsad

ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට ගුවන්තොටුපලට ඇතුළු වීම තාවකාලිකව තහනම්

Mohamed Dilsad

Leave a Comment