දේශීය

අද සිට ක්‍රියාත්මක ඉන්ධන ටෝකන් එක මෙන්න

ගොවීන්ට ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ඉන්ධන අද සිටම ගොවීන්ට ලබාදීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

 

මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහා භාවිත කිරීමට ඩීසල් ලීටර් මිලියන 6.98ක් චීන රජය විසින් නොමිලයේ පරිත්‍යාග කර තිබුණි.

 

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් සදහා අදාල ටෝකන් පත් නිකුත් කර අවසන් කර ඇති අතර කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක පහකට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට නියමිතය.

 

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව අද දින සිට සියලුම ගොවීන්ට නම් කරන ලද පිරවුම්හල්වලින් එම ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවය.

 

 

Related posts

විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්

Mohamed Dilsad

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභී රැකියා පත්වීම්ලාභීන් සේවයට වාර්තා කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment