දේශීය

විදුලි කැපීමක් අත ළඟ

(UTV | කොළඹ) – කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක පැවති දෝෂය යථා තත්ත්වයට පත් කළද නුදුරේදීම විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ඉංජිනේරුවන් අනතුරු අඟවනවා.

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 35ක් දක්වා පහත වැටීමත් ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමේදී විදේශ විනිමය අර්බුදයත් සමග මතුව ඇති තත්ත්වයත් ඊට හේතුව බවයි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ චෝදනා කරන්නේ ඇතැම් ඉංජිනේරුවන් විදුලි කප්පාදුවක් පිළිබද කතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.

කෙසේ වෙතත්, පෞද්ගලික අංශයෙන් සිදු කරන විදුලි මිලදී ගැනීම් හැකිතාක් අවම කර සැපයුම් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

කැළණිතිස්ස බලාගාරයේ විදුලිජනක යන්ත්‍රයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පෙරේදා දිනයේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිද වැටුණා.

මේ හේතුවෙන් ජනතාව පත්වූයේ දැඩි අසීරුතාවකටයි.

කෙරවලපිටිය බලාගාරයේ ජනන යන්ත්‍ර 3න් එකක් අලුත්වැඩියා කටයුත්තක් සඳහා අක්‍රීය කර තිබියදී මෙම තත්ත්වය උද්ගත වීමෙන් ජාතික විදුලිබල සැපයුමට දැඩි බලපෑමක් එල්ල වුණා.

තවදුරටත් ජල විදුලි නිෂ්පාදනය අවම වෙමින් පැවතීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුම බරපතළ අවදානමක පවතින බවයි විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 36ක හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

බස්නාහිර මංතීරු නීතිය නැවතත් දැඩිව

Mohamed Dilsad

Leave a Comment