දේශීය

චීන පොහොරවලට මහජන බැංකුව ගෙවයි

(UTV | කොළඹ) – ණයවර ලිපියක් මගින් චීන පොහොර සමාගමකට ඩොලර් මිලියන 6.9ක් ගෙවන බව මහජන බැංකුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ එම මුදල අද දිනයේ ගෙවීමට කටයුතු කරන බවයි.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් එම මුදල ගෙවීමට තීරණය කළ බවයි මහජන බැංකුව ප්‍රකාශ කළේ.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පල් දෙකක හානිකර ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.

දීර්ඝ කාලයක් දිවයින වටා යාත්‍රා කළ පොහොර නෞකාව දෙසැම්බර් 4 වැනිදා බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත්ව ගියේය.

Related posts

කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීමේ ඡන්දයෙන් මාලිමාව පරාදයි

Editor O

නිරෝධායන රීති කැඩූ 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට කථානායකගේ අනුමැතිය

Editor O

Leave a Comment