දේශීය

චීන පොහොරවලට මහජන බැංකුව ගෙවයි

(UTV | කොළඹ) – ණයවර ලිපියක් මගින් චීන පොහොර සමාගමකට ඩොලර් මිලියන 6.9ක් ගෙවන බව මහජන බැංකුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ එම මුදල අද දිනයේ ගෙවීමට කටයුතු කරන බවයි.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් එම මුදල ගෙවීමට තීරණය කළ බවයි මහජන බැංකුව ප්‍රකාශ කළේ.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පල් දෙකක හානිකර ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.

දීර්ඝ කාලයක් දිවයින වටා යාත්‍රා කළ පොහොර නෞකාව දෙසැම්බර් 4 වැනිදා බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත්ව ගියේය.

Related posts

පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

දිවයින පුරා 25 වනදා සියලු සුරාසැල් වැසේ

Mohamed Dilsad

අද රටම උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment