Trending News

ශ්‍රී ලංකාව කලාපීය සහ ජාත්‍යන්තර බල අරගලය මධ්‍යයේ මිත්‍රශීලි ජාත්‍යන්තර සබඳතා පවත්වාගැනීමේ ප්‍රයත්නයක

(UTV | කොළඹ) – මීට පෙර ජපානයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු යුද නෞකාව අනාගතයේදී ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් බවට පත් කිරීමටද අපේක්ෂා කරමින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ජපාන නාවික නෞකා දෙකක් කොළඹ වරායට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව ජපානය සමඟ ඒකාබද්ධ අභ්‍යාසයක් සාර්ථකව පවත්වා තිබේ.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරය 2025 න් පසු එහි ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් අඩිතාලමක් ස්ථාපිත කර ගැනීම පිළිබඳ කලාපීය හා ජාත්‍යන්තර බලවතුන් අතර පවතින තරඟය මෙයින් මැනවින් පිළිබිඹු වන අතර, මෙමගින් ඉන්දියාවට, ඇමරිකාවට සහ යුරෝපීය රටවලට ප්‍රබල තර්ජනයක් විය හැකි කලාපීය මූල්‍ය කේන්ද්‍රස්ථානය බවට කොළඹ වරාය නගරය පත් වනු ඇති බවට විශ්වාස කරන අතර, එක පසෙකින් චීනය විසින් තවත් ස්වෛරී රාජ්‍යයක ඔවුන්ගේ මූල්‍ය මෙන්ම දේශපාලන බලාධිකාරය ස්ථාපිත කර ගැනීමේ මෙහෙවරක නිරතවෙමින් සිටින අතර, අනෙක් පසින් ඉන්දීය ආයෝජකයින් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට දිරිමත් වනු ඇති බවත් අනාගතයේදී ඔවුන් කොළඹ වරාය නගරයේ කැසියෝ ව්‍යාපාර සඳහා පැමිණෙනු ඇති බවත් ඒ හරහා ඉන්දීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව ගලා එනු ඇති බවට අපේක්ෂා කරයි.

මේ අතරතුර, ශ්‍රී ලංකා රජය ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය ඇතුළත් තරඟකාරී ජාත්‍යන්තර බලවතුන් අතර සබඳතා තුලනය කිරීමේ ප්‍රයත්නක යෙදෙමින් සිටී.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

දුම්රිය වෘත්තීය සමිති වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Time to Start Bilateral Trade with Afghanistan

Mohamed Dilsad

வானிலை முன்னறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment