දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය

TRINCOMALEE-OIL-TANK

(UTV | කොළඹ) – ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ සමාගම පිහිටුවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාවට, කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඉන්දීය රජය සමඟ ඇති කරගත් මෙම ගිවිසුම් ත්‍රිත්වය හරහා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට නියමිත යි.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කර තිබෙනවා.

එසේම, ලංකා අයි.ඕ.සී සමාගම දැනටමත් භාවිතයට ගන්නා තෙල් ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර සඳහා වෙන් කෙරෙනු ඇති.

ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා අයි.ඕ.සී සමාගමට 49%ක් කොටස් අයිතිය හිමි වන පරිදි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පෞද්ගලික සමාගම මඟින් සංවර්ධනය කෙරෙයි.

Related posts

බුරවී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200ක් ඈතින්

Mohamed Dilsad

සතිඅන්තයේ කාලගුණය

Mohamed Dilsad

“උරුමය” ඉඩම් ලැබෙන අය, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතුයි – ජනාධිපති

Editor O

Leave a Comment