විදෙස්

බ්‍රසීල ජනපති රෝහල් ගත කෙරේ

(UTV |  බ්‍රසීලය) – බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ උදරයේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකළ බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා.

පසුගිය ඉරිදා දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව හදිස්සියේ රෝගාතුර වූ බ්‍රසීල ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණ කීපයකට ලක්කෙරුණා. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ උදරයේ බඩවැල් අවහිර වී ඇති බවයි. ඉන් අනතුරුව සැත්කමක් සඳහා ඊයේ දිනයේ දී ඔහුව රෝහල් ගතකෙරුණා.

2018 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර දී සිදුවූ පිහි ඇනුමක සංකූලතා යළිත් හටගැනීම මීට හේතුවී තිබෙනවා. පිහි ඇණුමේ තුවාලවල සංකූලතා හටගැනීම හේතුවෙන් මීට පෙරද කීපවරක් ජෙයර් බොල්සනාරෝ රෝහල් ගතකෙරුණා.

Related posts

සෞදි රජය ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටීමෙන් 19ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

නවසීලන්තයේ ඇමතිවරුන්ගේ වැටුපෙන් ප්‍රමාණයක් කපා හැරේ

Mohamed Dilsad

Leave a Comment