ක්‍රීඩා

ටෙස්ට් පිටියට ක්වින්ටන් ඩි කොක් සමුදෙයි

(UTV | දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වෙන කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් පැවසුවේ තම පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් තමා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර බවය.

29 හැවිරිදි ඩි කොක් තම තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලැබූ ටෙස්ට් පරාජයෙන් සුළු මොහොතකට පසුවීම විශේෂත්වයකි.

ඔහුගේ බිරිඳ, ශාෂා තම පළමු දරුවා අපේක්ෂාවෙන් පසුවෙන්නීය.

“මගේ පවුල තමයි හැමදේම මට. ඔවුන් සමග වැඩිකාලයක් ගත කිරීමට මට අවස්ථාව ඕනේ. අපේ ජීවිතයේ අලුත් සහ සුවිශේෂී පරිච්ඡේදයක් අභියසයි අපි ඉන්නේ.”

2014 වසරේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔහු මෙතෙක් ටෙස්ට් තරග 54කදී ලකුණු 3,300ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 38.82කි.

ඊට ශතක 6ක් සහ අර්ධ ශතක 22ක් ඇතුළත් වෙයි.

Related posts

ආසියානු කුසලාන යොවුන් තරගාවලියේදි ශ්‍රී ලංකාවට ජයක්

Mohamed Dilsad

IPL ඊයේ තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස්ට ලකුණු 10 කින් ජය

Mohamed Dilsad

ක්‍රීඩකයන් දෙදෙනෙක්ට තරඟ පාවාදීමේ චෝදනා

Mohamed Dilsad

Leave a Comment