දේශීය

කොළඹ ආරක්ෂාව තර කෙරේ

(UTV | කොළඹ) – අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවය.

ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන්කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එසේම මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයන් සෙවීම සඳහා කොළඹ නගරයේ ස්ථාන රැසක බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

එසේම ස්ථීර සහ විටින් විට විශේෂ මාර්ග බාධක යෙදීමටද කටයුතු යොදා ඇත.

Related posts

අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම ගැන දැනුම් දීමක්

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

විදුලි කප්පාදු නව කාලසටහන

Mohamed Dilsad

Leave a Comment