දේශීයව්‍යාපාරික

IMF පිළිබඳ තීරණය 03දා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගෙඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නවාද නැත්ද යන්න පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ලබන වසරේ ජනවාරි මස 03 දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපතිවරයා හා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාද කැඳවා ඇති බව වාර්තා වෙයි.

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් රුපියල පා කර හැරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සුදුසු බවත් කැබිනට් අමාත්‍යවරු බහුතරයකගේ අදහස වී තිබේ.

රුපියල පා කර හැරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේ එකඟතාව ලැබී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳවද කැබිනට් මණ්ඩලයේ බහුතරයකගේ එකඟතාව ලැබී තිබේ.

Related posts

රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 263ක්

Mohamed Dilsad

දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment