දේශීය

දිස්ත්‍රික් 5ක අද වෙද වර්ජනයක්

(UTV | කොළඹ) – මන්නාරම,ත්‍රිකුණාමලය,නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල සියලු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් අද පෙරවරු 08 සිට පැය 24 ක වැඩ වර්ජනයක නිරත වනවා.

කෙසේ වෙතත් මෙහිදී හදිසි රෝගී ප්‍රතිකාර සේවා අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැනුම් දෙන්නේ.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධතාව පළ කරමිනුයි ඔවුන් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන්නේ.

අද ක්‍රියාත්මක මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යංශය සංවේදි නොවන්නේ නම් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට අද පස්වරුවේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවීමට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර දිවයින පුරා පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රතිකාර සදහා අදින් පසු වෛද්‍යවරුන් ඉවත් වන බවද සංගමය කියා සිටියා.

එම නිසා සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අද සිට කොවිඩ් රෝගීන් අපහසුතාවට පත්වනු ඇති බවද සංගමය චෝදනා කළා.

Related posts

වාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.

Editor O

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment