දේශීය

ලබන සතියේ දිස්ත්‍රික්ක පහක වෛද්‍යවරුන් වර්ජනයේ

(UTV | කොළඹ) – ස්ථාන මාරු ගැටලුවක් මුල් කර ගනිමින් එළඹෙන සඳු දා දිස්ත්‍රික් 05ක රෝහල් තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ඊට අදාළ මධ්‍යම කාරක සභා සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බවයි.

මේ පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව අදාළ ගැටලුවට අද දින තුළ විසඳුමක් නො ලැබුණහොත් මන්නාරම, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ නුවරඑලිය යන දිස්ත්‍රික් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ට ඇප නෑ

Editor O

අමෙරිකානු සහකාර ලේකම් දිවයිනට

Mohamed Dilsad

නිරෝධායනයට ලක්වූ 101 ක පිරිසක් සමාජ ගතකරයි

Mohamed Dilsad

Leave a Comment