ගොසිප්

‘ජයත් නැති සුන්දරත් නැති’ පී බී – විමල්ගෙන් ප්‍රහාරයක්

(UTV | කොළඹ) – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඉලක්ක කරගෙන ‍ප‍්‍රහාරාත්මක අදහස් පළ කිරීමක් සිදු කළේය.

ඔහු මෙසේ අදහස් පල කළේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඇහැලියගොඩ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි සැසිය අමතමිනි.

“විවෘත්ත ආර්ථික ගමනේ උත්පාත අවදිය පහුකරලා, දැන් ඇවිල්ලා තියෙන්නේ අවපාත අවදියට. දැන් ජනවාරිවල එනවා ඩොලර් මිලියන 500ක් පළමුවෙනි කොටස ගෙවන්න ඕනේ 18 වෙනිදාට ජනවාරි. මාසයකට යනවා තෙල්වල වියදම ඩොලර් මිලියන 300කට වඩා එක තෙල් නැවක් ගෙන්න ගන්න. ඒ 700න් ඒ 300ත් දුන්නොත් 400ට බහිනවා. අපේ පුංචි බණ්ඩා ‘ජයත් නැති සුන්දරත් නැති’ පුංචි බණ්ඩත් දන්නේ ඒ සාස්තරේ. පුංචි බණ්ඩාගෙන් නම් මේ රටට ජයවෙලත් නෑ. කිසිම සුන්දරත්වයක් වෙලත් නෑ. පුංචි බණ්ඩා දැක්කත් මෙලෝ වගතුවක් නෑ. මොකට තියාගෙන ඉන්නවා ද කියලා මට නම් තේරෙන්නෙත් නෑ.

මොකද අවුරුදු 20කට වඩා ඔය පුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය ඔබ ක්‍රමයට ගියා. අටවනවා මොකක් හරි ෂේප්මන්ට් එකක් දානවා, ණයක් ගන්නවා, දෙනවා, උන්නැහේ දන්නවා අර ස්ටාට් වෙන්නේ නැත්නම් වාහනය කම්බි දෙක හරි පූට්ටු කරලා ස්ටාට් කර ගන්න. හැබැයි තෙල් නෑ කියලා එයා දන්නේ නෑ. එහෙම බලනවා නම් මේ අද මුහුණදෙන අර්බුදය මීට අවුරුදු ගාණකට කලින් මේ රටේ නායකයන්ට කියන්න ඕනේ”

Related posts

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

57,600 කට ඡන්ද පත්‍රිකාවත් එපා වෙයි

Mohamed Dilsad

ඥානසාර හිමි යළි කරලියට

Mohamed Dilsad

Leave a Comment