ප්‍රමුඛ පුවත 1

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයට එකඟතාවය

(උදයම්,කොළඹ)  –  ඉදිරියේදී සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයා සහ  අග්‍රාමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇති බවට වාර්තාවේ.

මෙම සංශෝධනයේදී  ප්‍රධාන පෙළේ අමාත්‍යධුරයකද වෙනසක් සිදුවනු ඇතැයි වාර්තාවේ.

බොහේ දුරට උසස් අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරවල වෙනසක් සිදු වනු ඇති බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩල සංශෝධනය ඉතා නුදුරේදී ස්ථිර වශයෙන්ම සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබෙන අතර කැබිනට් සංශෝධනය සමඟ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වෙනසක් ද සිදු කරන බව ජනාධිපතිවරයා එම පුවත්පතට වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

මහින්ද නඩු මගට

Mohamed Dilsad

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

Mohamed Dilsad

Leave a Comment