ප්‍රමුඛ පුවත 1

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

(UTV| කොළඹ) – අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) දින රජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙයි.

ඒ අනුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර මාර්තු 08 දින ප.ව.1.30ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිතය. ආදාහන පූජෝත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසළ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර ආදාහන පූජෝත්සවයේ කටයුතු ප.ව 2.30 ට ආරම්භ වීමට නියමිත ය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්හ. සිය පැවැදි දිවිය සමාජ සත්කාරයටම කැප කළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ දෙස් විදෙස් සංචාරයේ යෙදෙමින් ධර්ම ප්‍රචාරයේ යෙදුණ සංඝ පීතෘවරයෙකි.

ඉංග්‍රීසි භාෂවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් උන් වහන්සේ මූලික වී කටයුතු කළේ ය.එමෙන් ම උන්වහන්සේ බෞද්ධයා ගුවන්විදුලි නාළිකාවේ හා රූපවාහිනී නාළිකාවේ නිර්මාතෘවරයා වෙමින් ධර්ම ප්‍රචාරය සඳහා සිය මෙහෙවර තවත් පුළුල් කිරීමට කටයුතු කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

විදෙස් ශ්‍රමිකයින්ගේ ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment