ගොසිප්

නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය

(UTV | කොළඹ) – මත්පැන් අලෙවිය වෙසක් උත්සවයේදී තහනම් නම්, නත්තල් උත්සවයේදී ත් එය තහනම් විය යුතුව ඇතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

ආගම යනු සාද දැමීම හෝ මත්පැන් බී ජිවිත නාස්ති කර ගැනීම නොවන බව සඳහන් කළ කාදිනල් හිමියෝ, ආගම යනු උතුම් දෙයක් බව අවධාරණය කළහ.

කාදිනල් හිමිපාණෝ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති දේව මෙහෙයකට සහභාගි වෙමින් මේ බව පැවසූහ.

“සංචාරක අමාත්‍යංශයේ අනුමත හෝටල්වලට නත්තල් දවසට මත්පැන් විකිණීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕන.”

Related posts

අදිසි හස්තයන් ගැන අවධානයෙන් සිටින්නැයි ජනපතිට දැනුම්දෙයි

Mohamed Dilsad

දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත්තා

Mohamed Dilsad

LPL කණ්ඩායම් මිලදී ගැනීමට ඉන්දීය සුපිරි තරු රැසක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment