කලා

වසර 21කට පසු හර්නාස් සන්ධු ඉන්දියාවට ගෙන ආ ආකර්ෂණය

(UTV | ඉන්දියාව) – 2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්ධු විසින් හිමි කර ගනු ලැබ තිබේ.

70 වන වරට පැවැත්වුණු විශ්ව රූ රැජිණ 2021 තරගාවලිය මෙවර ඊශ්‍රයලයේදී පැවැත් විණි.

තරගකාරියන් 79 දෙනෙකු අභිබවා 21 හැවිරිදි සන්ධු, විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් විය.

මෙවර විශ්ව රූ රැජිණ තරගාවලියේ දෙවන ස්ථානය පැරගුවේ රාජ්‍යයට ත් තෙවන ස්ථානය දකුණු අප්‍රිකාවට ත් හිමි විය.

කාන්තා සවිබල ගැන්වීම සඳහා ප්‍රබල උපදේශකයෙකු වන සන්ධු, නිළියක් ද වෙයි.

2000 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ බොලිවුඩ් නිළි ලාරා දත්තා විසින් දිනා ගනු ලැබූ අතර මෙවර විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට හිමි වූයේ වසර 21කට පසුව බව ඉන්දීය මාධ්‍ය පැවසීය.

Related posts

2020 ඔස්කාර් සම්මාන ලාභීන්

Mohamed Dilsad

‘ඇවටර්’ තිරගත වන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවති

Editor O

Leave a Comment