දේශීය

උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (08) උදෑසන 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ එම අනතුර සිදුවේ.

අනතුරින් මව, පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වනවිට මෘත දේහයන් නාවලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තහවුරු කරගෙන තිබේ.

Related posts

ඩීසල් දින 5කින් අවසන්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාව මත පටවා ඇති බදු අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Editor O

අන්තර් පළාත් බස් රථ ධාවනයට මෙතෙක් අවසර නැහැ – ලංගම

Mohamed Dilsad

Leave a Comment