දේශීය

ඩීසල් දින 5කින් අවසන්

(UTV | කොළඹ) – රටේ සති දෙකකට ආසන්න කාලයකට පෙට්‍රල් තොග පැවතිය ද ඩීසල් ඇත්තේ දින 05 කට වැනි කෙටි කාලයකට පමණක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් සඳහාම පමණක් මෙම පවතින ඩීසල් තොගය භාවිත කෙරේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ද පැවසුවේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට පෙට්‍රල් තොග පැවතියත් බහුතරයක ඩිසල් නොමැති බවය.

බලශක්ති අමාත්‍යාංශය කියා සිටින්නේ ඊයේ (29) ඩිසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් නැවක් මෙරටට පැමිණි බවය.

ඒ අනුව එම නැවෙන් ඩිසල් ගොඩබෑම ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඩීසල් හිඟයට පිළියමක් ලෙස ඉදිරි දින කිහිපය ඇතුළත ඩිසල් නැව් 03ක් මෙරටට පැමිණීමට නියමිත බවත් එම අමාත්‍යාංශය පැවසිය.

ඒ අනුව එම ඩීසල් නැව් ලබන ජුනි 01 වැනිදා , ජුනි 14 වැනිදා සහ 16 වැනිදා පැමිණීමට නියමිතය.

Related posts

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

රුසියානු දූත පිරිසක් දිවයිනට (PHOTOS)

Mohamed Dilsad

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 කට ඇප

Mohamed Dilsad

Leave a Comment