කලා

ෂාරුක් චිත්‍රපටයට එක්වීමට නයන්තාරා හා කියයි

(UTV |  චෙන්නායි) – දකුණු ඉන්දීය සිනමා නිළි නයනතාරා ඇට්ලේ කුමාර් විසින් නිර්මාණය කරන ‘ලයන්ස්’ චිත්‍රපටයට නැවත වරක් එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. ‘ලයන්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට එකතු වී සිටින ෂාරුක් ඛාන් පසුගිය කාලයේ මුහුණ දුන් සිදුවිම් නිසාවෙන් නයනතාරා මෙම චිත්‍රපටයට එකතු වීමට මුලින් අකමැත්ත පළ කර තිබුණි.

කෙසේ වෙතත්, ෂාරුක් ඛාන් මේ වනවිට තම ප්‍රශ්න සියල්ලම නිරාකරණය කරගෙන ඇති හෙයින් නැවතත් ‘ලයන්ස්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා යොදාගත් දිනටම එකතුවීමට කැමැත්ත පළ කර ඇත. මේ නිසාම නයනතාරාද සිය තිරණය වෙනස් කරමින් ‘ලයන්ස්’ චිත්‍රපටය හා සම්බන්ධ වි ඇති බව සඳහන් වෙයි.

Related posts

KICK 2 හි සල්මන් කියන කතාව

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment