දේශීය

සමස්ත ලංකා මහජන කොංග්‍රසය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) 2022 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ(21) රාත්‍රියේ පැවති පක්ෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රකාශ කළේය.

මේ නිසා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හතර දෙනාටම අයවැයට විරුද්ධව ඡන්දය දෙන ලෙස දන්වා ඇත.

Related posts

IIHSහි ප්‍රධාන අධ්‍යාපන වැඩසටහන් සඳහා නවක සිසුන් බඳවා ගැනීම ඇරැඹේ

Editor O

කොරෝනා රෝගය ගැන වැදගත් අනාවරණයක්

Mohamed Dilsad

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ 60 දෙනෙකු රෝමයට

Mohamed Dilsad

Leave a Comment