දේශීය

සෞඛ්‍ය උපදෙස් නොතකා හැරීම ගැටලුවක් – වෛද්‍ය අසේල ගුණවර්ධන

(UTV | කොළඹ) – අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක පහ තුළ කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බවත් මංගල උත්සව, පින්කම් ඇතුළු මහජන ඒකරාශි වීම් රැසක් එම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මහජන ඒකරාශි වීම් හැකිතරම් මඟ හරින ලෙස කෙතරම් උපදෙස් ලබා දුන්නද බොහෝ දෙනා එම උපදෙස් නොතකා කටයුතු කරන බවක් පෙනී යන බවත් ඒ මහතා කීවේය.

Related posts

චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නිධානයක් තියෙන ඉඩමක් ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි.

Editor O

Leave a Comment