දේශීය

දිවයිනේ සියලුම ත්‍රීවිල් ජනවාරියේ සිට මිටර් ක්‍රමයට

(UTV | කොළඹ) – දිවයින පුරා ඇති සියලුම ත්‍රීවිල් රත මිටර් ටැක්සි බවට පත් කිරිම ලබන ජනවාරියේ සිට ඇරබීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා මහනුවරදි පැවැසිය.

අමාත්‍යවරයා මෙසේ පවැසුයේ මහනුවර සිට සරසවි උයන දක්වා ද්විත්ව දුම්රය මාර්ගයක් ඇරඹීමෙන් උත්සව අවස්ථාවට සහභාගිවෙමිණි.

ත්‍රීවිල් රථ සදහාද අයවැයෙන් ප්‍රථම වතාවට වෙන් කල බවත් ඔවුන්ගේ සුභ සිද්ධිය ගැන බලන අතර එලෙසම ජනතාවට පහසුකම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා කිය.

ජනවාරි 1 වනදා සිට බස්නාහිරින් ත්‍රිවිල් රථ මිටර් ක්‍රමයට ඇරබිම ආරම්භ කරන අතර මාස තුනක් තුල දිවයිනේ සියලුම ත්‍රිවිල් රථ මිටර් ටැක්සි බවට පත් කිරිම සදහා ගැසැට් පත්‍රය ගසා ඇති බවත් එය ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කරනු ලබන බවද අමාත්‍යවරයා පැවැසිය.

මෙම ක්‍රමය දැනුවත් කිරිම සදහා කාලයක් ලබා දි ඇති බවත් දිවයිනේ සියලුම රථ මිටර් ක්‍රමයට අරබන අතර එය නොකරන අය සදහා නිති මාර්ගයෙන් කටයුතු කිරිමට නිතිද සකසා ඇති බව දිලුම් අමුනුගම මහතා එහිදි කිය.

Related posts

“වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ”

Mohamed Dilsad

අද සිට අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment