දේශීයව්‍යාපාරික

එළවළු මිළ ඉහලට

(UTV | කොළඹ) – එළඹෙන නත්තල් සමයේදී එළවලු වර්ග රැසක මිළ ගණන් තවදුරටත් ඉහල යනු ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවින් පෙන්වා දෙනවා.

පොහොර හිගය හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් දීම ඉතා අසීරු බවයි ගොවින් සදහන් කළේ.

මේ අතර දිවයිනේ විවිධ ආර්ථීක මධ්‍යස්ථානවල සිල්ලර මිළට අලෙවි වන එළවළු වර්ග රැසක මිළ ගණන්ද ඉහල ගොස් තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දෛනික වාර්තාවට අනුව ඊයේ දිනයේදි රත්මලාන ආර්ථීක මධ්‍යස්ථානය තුල දෙහි කිලෝවක් අලෙවි වී ඇත්තේ රුපියල් 600 කටයි.

නාරාහේන්පිට ආර්ථීක මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක සිල්ලර මිළ රුපියල් 520 ක් හා මාළු මිරිස් කිලෝව රු 560 ක් වශයෙන් දැක්වුනා.

බෝකුන්දර ආර්ථීක මධ්‍යස්ථානයේ කරවිල කිලෝවක සිල්ලර මිල දැක්වුනේ රුපියල් 480 ක් වශයෙන්.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පුමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි නිෂ්පාදනය අඩුවෙයි….?

Editor O

කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය වසාදමයි…!

Editor O

Leave a Comment