දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයකට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයකට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

Mohamed Dilsad

සතිඅන්ත නිවාඩුවට කොළඹ – බදුල්ල විශේෂ දුම්රිය සේවයක්

Mohamed Dilsad

හිටපු ඇමති කෙහෙළියගේ බැංකු ගිණුම් ඇතුළු දේපොළ අත්හිටුවූ බවට පුවත්පත් දැන්වීම් පළ කරයි.

Editor O

Leave a Comment