Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය වසාදමයි…!

විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබේ.

වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් පසුගියදා සිදුවූ අනතුර සිදුවූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මෙලෙස ගමනාගමනය යළි සීමා කර ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම කාඩුගන්නාව පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පැවසුවේ, කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධකයක් සහ ගනේතැන්න නගරයෙන් මාර්ග බාධකයක් යොදා අදාළ මාර්ග කොටස වසා දමා ඇති බවය.

Related posts

விமான நிலையத்திற்கு அருகில் ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙක් දිවුරුම් දෙති

Mohamed Dilsad

පාර්ලිමේන්තු නිලධාරියෙක් සමග වාදයක පැටලුණ මන්ත්‍රීවරයාගේ ධූරය, නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වෙයිද..?

Editor O

Leave a Comment