දේශීය

සිරිල් ගාමිණි පියතුමන් සඳුදා CID යට

(UTV | කොළඹ) – ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ට අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යළි දැනුම් දී තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පියතුමන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා පසුගිය මාසයේ මෙම පැමිණිල්ල සිදු කළ අතර ඒ අනුව සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබුණා.

කෙසේ වෙතත් එදින එහි පැමිණි වෙනත් පියතුමන් තුන් දෙනෙකු අදාළ ප්‍රකාශය ලබා දීමට සතියක කාලයක් ඉල්ලා සිටියා.

මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා නොවැම්බර් 2 වනදා සිරිල් ගාමිණි පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.

එය පසුගිය 8 වනදා සළකා බැලූ අතර නීතිපතිවරයා එහිදී දැනුම් දුන්නේ සිරිල් ගාමිණි පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් අනිද්දා සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

Related posts

ගැසට් නොකළ ඖෂධවල මිල 20%කින් ඉහළට

Mohamed Dilsad

‘ඩීසල් මිල පහළ දැමීමට නොහැක’ – බලශක්ති අමාත්‍යාංශය

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment