දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 28 ක් ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) රාත්‍රී 8.00 සිට පැය 28 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව අද රාත්‍රී 8.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු අති.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන නළයේ හදිසි ජල කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පැවසී ය.

Related posts

සමෘද්ධිලාභීන්ට දුන් ණය මුදල ආධාරයක් බවට පත් කිරීමට පියවර

Mohamed Dilsad

ජනාධිපති ලේකම් ලෙස කුමානායක පත් කරයි.

Editor O

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගත් හැකි නව මෘදුකාංගයක්

Mohamed Dilsad

Leave a Comment