දේශීය

‘ඩීසල් මිල පහළ දැමීමට නොහැක’ – බලශක්ති අමාත්‍යාංශය

(UTV | කොළඹ) – ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකි වූ බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටී.

එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චි ගෙන් අරුණ කළ විමසුමක දී පෙන්වා දුන්නේ ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නැති ඇති බවය. එවැනි තත්ත්වයක් මත ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පෙරේද (01 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහළ දැමූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩුවූ බව ඔහු ට්විට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 කි.

Related posts

කොවිඩ් 19 මෙහෙයුමට නවීන බස් රථ දෙකක්

Mohamed Dilsad

කටානේ දී කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කයි

Mohamed Dilsad

නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට නඩු

Mohamed Dilsad

Leave a Comment