Trending Newsගොසිප්

ජනපති මල්ලිට තදින් අවවාද කරන්න චමල් සූදානම්…

(UTV | කොළඹ) – අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා ලෙස ගොවි ගැටලු සහ පොහොර ප්‍රශ්න පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වේවැල අතට ගෙන තදින් අවවාද කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

අද වන විට මෙරට ගොවීන් විශාල පිරිසක් වැඩ ආරම්භ කර නැති බවත් එය බරපතළ ගැටලුවක් බවත් පැවසූහ ඔහු කන්නය අවම තරමින් සියයට පනහක් වත් වගා නොකොළොත් එන වසරේ දී ආහාර හිඟයක් රට තුළ මතුවන බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමිනි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ තමන් නලින් බණ්ඩාර මහතාගේ උපදෙස් ඉතා ඉහළින් පිළිගන්නා බවයි.

මේ වන විට සියලු ගොවි සංවිධාන, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග එක්ව කන්න රැස්වීම් පිළිබඳ සාකච්ඡා කළ බවත් රටේ අවශ්‍යතාවය අනුව වගා කටයුතුවල යෙදෙන්නේ සියලු ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා තවදුරටත් පැවසීය.

Related posts

Italy crisis: PD and Five Star agree coalition deal after talks

Mohamed Dilsad

“Patali’s arrest was legal” – Acting IGP C. D. Wickremaratne

Mohamed Dilsad

Eastern Europe seek cooperative measures for peace-building in association with HWPL

Mohamed Dilsad

Leave a Comment