දේශීය

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අද මහජන සම්මන්ත්‍රණ සභාවක

(UTV | කොළඹ) – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සහභාගීත්වයෙන් අද (29) මහජන සම්මන්ත්‍රණ සභාවක් කොළඹ පිටකෝට්ටේ උත්සව ශාලාවකදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය අමෙරිකානු සමාගමට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිත බව මහජන සමන්ත්‍රණ සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

Related posts

ඉන්දීය සංචාරය නිමවා අගමැති මහින්ද යළි දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සහ හෙට විශේෂ වැඩමුලුවක්

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි

Mohamed Dilsad

Leave a Comment