දේශීය

ජනාධිපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 06 කින් දිර්ඝ කර තිබේ.

ඒ, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ය.

ඒ අනුව ඊයේ(28) දින අවසන් වීමට තිබු මෙම ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන අප්‍රේල් 28 වැනිදා දක්වා තවත් මාස 06 කින් දීර්ඝ වනු ඇති.

මේ වසරේ ජනවාරි 28 වැනිදා පත් කළ කොමිසමේ නිල කාලය දීර්ඝ කළ තුන්වැනි අවස්ථාව මෙයයි.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ සේවයේ යෙදී සිටි රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයින් ,සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සමාජිකයින්ට හෝ කිසියම් තැනැත්තකුට සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමේ අරමුණින් මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ ය.

Related posts

සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පිරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

තැපැල් ඡන්ද නීති වෙනස් වන ලකුණු

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment