දේශීය

ලංකාවේ බූස්ටර් මාත්‍රාව මුලින්ම චීන ජාතිකයන්ට

(UTV | කොළඹ) – කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මුලින්ම බුස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාගත් පිරිස බවට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් පත්ව තිබේ.

ඒ අනුව සිනෝෆාම් පළමු හා දෙවැනි මාත්‍රා ලබාගත් චීන ජාතිකයන් වෙත ඊයේ(22දා) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී එහි තෙවැනි මාත්‍රාව ලෙස සිනෝෆාම් එන්නතම ලබාදී තිබේ.

මෙම වැඩසටහන හෙට දිනයේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර කොළඹ වරාය නගරයේදී පළමු හා දෙවැනි මාත්‍රාව ලබාගත් චීන ජාතිකයන් වෙත එ හි තෙවැනි මාත්‍රාව මෙසේ ලබාගැනීමට අවස්තාව තිබේ.

මේ අනුව 3000කට ආසන්න චීන ජාතිකයන් පිරිසක් තෙවැනි මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනු ඇත.

Related posts

ගෙවීගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමට අඛණ්ඩ මෙහෙයුමක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment