දේශීය

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදීයි.

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් මීට සහභාගීවීමට නියමිතයි.

සරසවි සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකෙරෙනු ඇති.

ඒ අනුව එක් එක් විශ්ව විද්‍යාලයේ එන්නත්කරණයට ලක්කර ඇති සිසුන් සංඛ්‍යා පිළිබඳ වාර්තා සළකා බැලීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියා.

ඒ අනුව බොහෝ දුරට ලබන මාසය තුළදී විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවතත් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා.

Related posts

ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි පොලිසියට

Mohamed Dilsad

මව පියාගේ විවාහක අවිවාහක බව උප්පැන්නයෙන් ඉවතට

Mohamed Dilsad

දුම්රිය කිහිපයක ගමන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment