දේශීයව්‍යාපාරික

UPDATE – IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

(UTV | කොළඹ) – සිය පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී සමාගම තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දැමීමටයි පියවර ගැනුණේ.

කෙසේ වෙතත්, ලංකා සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නැහැ.

ඒ අනුව ලංකා අයි.ඕ.සී සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 162ක් වන අතර, රුපියල් 111ක්ව පැවති ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116ක්.

අයි.ඕ.සී. සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් දැරීමට සිදුව ඇති විශාල පාඩුව මඟහරවා ගැනීම සඳහා මෙලෙස සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට සිදු වූ බවයි.

වත්මන් ජාත්‍යන්තර මිල ගණන් යටතේ ඩීසල් ලීටරයකින් රුපියල් 40ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් විස්සක පාඩුවක් දැරීමට සිදු වූ බවත් එහි සඳහන්.

ඉන්ධන මිල වසර හතකින් ඉහළම අගයට පත්ව තිබියදී ඉන්ධන මිල වැඩි කළේ අවම මට්ටමකින් බව ප්‍රකාශ කරන ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අසල්වැසි රටවල් හා සසඳන විට මෙරට ඉන්ධන මිල අඩු මට්ටමක පවතින බවයි.

මෙලෙස ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල වැඩි කළද සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර නැහැ.

Related posts

ටයිල් චමින්ද ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකට

Editor O

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment