දේශීය

“සාධාරණය ඉෂ්ඨ කිරීමට උපකාර කළ සැමට තුති” – රිෂාඩ්

(UTV | කොළඹ) – තමාට සාධාරණය ඉෂ්ඨ කිරීමට උපකාර කළ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන ඇතුළු සැමට සිය කෘතඥතාව පළ කළ කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (ACMC) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස 6 ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒ මහතා පසුගිය 14 වනදා ඇප මත මුදා හැරිණි.

හිටපු අමාත්‍යවරයා නිදහස් කිරීම පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) සිය සතුට ප්‍රකාශ කිරීමට කෘතඥතාව පළ කරමින් ඒ මහතා පණිවිඩය නිකුත් කර තිබෙනවා.

Related posts

අයහපත් කාලගුණයෙන් 26,000ක් අවතැන් – මරණ 17 දක්වා ඉහළට

Mohamed Dilsad

සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙක්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

Mohamed Dilsad

ආර්. සම්බන්ධන් මහතා සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටියා – ජනාධිපති පාර්ලිමේන්තුවේදී

Editor O

Leave a Comment