දේශීය

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදීයි.

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් මීට සහභාගීවීමට නියමිතයි.

සරසවි සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකෙරෙනු ඇති.

ඒ අනුව එක් එක් විශ්ව විද්‍යාලයේ එන්නත්කරණයට ලක්කර ඇති සිසුන් සංඛ්‍යා පිළිබඳ වාර්තා සළකා බැලීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියා.

ඒ අනුව බොහෝ දුරට ලබන මාසය තුළදී විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවතත් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා.

Related posts

අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් මෙරටට

Mohamed Dilsad

වෛරසය ආසාදිත තවත් ලාංකිකයෙක් හඳුනාගැනේ

Mohamed Dilsad

පෙට්‍රල් බෝම්බ 06ක් සමග පිරිසක් අත්අඩංගුවට

Editor O

Leave a Comment