දේශීය

නිරෝධායන නීති කැඩු තවත් 32 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින සංඛ්‍යාව 81220 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගත වු කාලය තුල එම චෝදනාව යට⁣තේ තවත් පුද්ගලයන් 32 ක් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

බස්නාහිර පළාතට ඇතුළුවන වාහන 781 ක් හා පුද්ගලයින් 1568 ක් ද බස්නාහි⁣ර පළාතෙන් පිටවන පුද්ගලයින් 1234 ක් හා වාහන 710 ක්ද ඊයේ දිනයේදි පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.

මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති වීම හේතුවෙන් වාහන 234 ක් හා පුද්ගලයින් 363 ක් ආපසු හරවා යැවු බවයි පොලිසිය පැවසුවේ.

Related posts

වකුගඩු රෝග සොයන්න චීනයෙන් ජංගම රථ 8ක්

Mohamed Dilsad

විපක්ෂයේ සහ ආණ්ඩුවේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

පසුබෑමට ලක් වූ රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment