දේශීය

සීනිවල පාලන මිල ඉවත් කරන්නැයි ආනයනකරුවන්ගෙන් ලිපියක්

(UTV | කොළඹ) – වෙළඳපොළේ සීනි මිල යළිත් ඉහළ ගොස් ඇති අවස්ථාවක සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු විසින් මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

මේ වනවිට සීනි සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද යළිත් වෙළදපොළේ සීනි මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලසීමාව තුළදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගියා.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.

කෙසේ වෙතත්, අද වන විට වෙළඳපොළේ සුදු සීනි රුපියල් 135ක මිලකට අලෙවි වන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

එසේම දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සදහා රජය විසින් රුපියල් 125ක පාලන මිලක් පනවා තිබුණ ද මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් වෙළදපොළේ අලෙවි වන්නේ රුපියල් 138ක මිලකට බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

Related posts

‘පන්නමු’ : දෙවන දවස අද

Mohamed Dilsad

රටේ ලොකුම ප්‍රශ්නයට විසඳුමක්..! රාජ්‍ය පරිපාලන ඇමතිගේ නමට ඉදිරියෙන් ‘මහාචාර්ය’ ලෙස යොදන්නැයි සියළු ආයතනවලට චක‍්‍රලේඛයක්

Editor O

ජනපතිගෙන් තවත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment